සඳ උදවු කලා ඔය මුහුනේ සිනහ දකින්නsanda udhawu kalaa oya muhunee sinaha dhakinna

Sanda Udaw Kala Oya Muhune Sinaha Dakinna

ගී පද

සඳ උදවු කලා ඔය මුහුනේ සිනහ දකින්න
තරු උදවු කලා ඔබ දෙනෙතේ කිරණ දකින්න
ඔබ උදවු කලා ජීවිතයේ අරුත දකින්න
අපි තුරුළු උනේ ප්‍රේම ලොවේ අන්තිම වරට //

මගෙ මුණ පුරා වෑහෙන දුක් කඳුළු දැක දැක
ඔබ හැඩුවා මගෙ දෑතම දෝතින් දරාගෙන
සංසාරේ පුරා වියෝව හද හිත පුරෝගෙන
වෙන්වෙන්නට එක සැරයක්වත් සිනාසෙනු මැන

සඳ උදවු කලා ....

අර ඈත පේන සඳ මුහුනින් මම සැනසෙන්නම්
දුර ඈත දිළෙන තරු දෙනෙතට මම වැලපෙන්නම්
මේ අහස පුරා ඔබ කොතැනක ඇතැයි සිතන්නම්
වෙන්වුනු රැය යළි සංසාරේ නොවෙයි සිතන්නම්

සඳ උදවු කලා ....