සඳ රාජිනියේ මා සනසන්නsanda raajiniyee maa sanasanna

Sanda Rajiniye Ma Sanasanna

ගී පද

සඳ රාජිනියේ මා සනසන්න
සුවඳට තුරුලේ උණුහුම දෙන්න
නීල වලා සළු ඉරා දමන්න
සඳවතියේ මුව හාදු තියන්න //

නිල් තරු කැට ගෙන මාල ගොතන්නම්
ගෙල වටලා සත් මාල බඳින්නම් //
දේදුනු පැහැ රන් සළුව වියා මං
සඳ මනමාලි නුඹ සරසන්නම්

අනෝතත්ත විල පැන් ගෙන එන්නම්
සඳ දෙව්දුව මා නුඹ දෝවන්නම් //
ඉරබටු තරුවේ එළිය අරන් මං
නුඹේ නළලතේ තිලක තියන්නම් 

සඳ රාජිනියේ ....