ගී පද

සඳ පිණි දිය ගලා හැලෙන 
පාළු හිතෙන හැන්දෑවක 
හිමින් හිමින් මටත් හොරෙන් 
නුඹව හිතට දැනුනා 
සිහින ගෙනෙන රාත්‍රියක 
සන්සුන් නැති හිතට එබෙන 
නුපුරුදු සිහිනයක් වගේ 
නුඹව හිතට දැනුනා...//

කදුළු කතා අමතක වී 
පෙම්වත් වූ සිතුවිලි ලඟ 
දියවෙන හැම කවි පදයම 
උඹේ නමට ගෙතුනා 
සසරේ මං හැමදාකම 
නුඹේ ළඟට වී...//

ලෙන්ගතු ඔය නෙතු පාමුල 
පැතුමක් වී සදාකල්ව 
නුඹේ නමින් මිය ඇදෙන්නේ 
මගේ හිතට හිතුනා 
සසරේ මං හැමදාකම 
නුඹේ ළඟට වී...//

සඳ පිණි දිය.../