සඳ නිදන්නsanda nidhanna

Sanda Nidanna

සංගීතය:
රංජිත් ප්‍රේමවීරranjith preemawiira
පද රචනය:
ගිහාන් රොද්‍රිගෝgihaan rodhrigoo

ගී පද

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න ඇස් පියන්න
මගේ ආදරේ හංගන්න
සඳ නිදන්න......

සඳ සීත ගෙන එන්නෙ ආදරේ
දඟකාර නිල් දෑස මානයේ
ගුලි වෙන්න රතු රෝස හීනයේ
ළඟ උන්න තුරුලේම මා ළයේ
අඩවන් දෑස කීවේ ජීවිතේ අරුතමයි 
සංවරයි මැණික මාගේ......

සඳ නිදන්න......

සමනලිය තටු සලන යාමයේ
මල් සුවඳ මකරන්ද මාරුතේ
දෙතොලතර සුසුමින්ද මේ රැයේ
නිල්මල් විලෙන් හීන වෑහුණේ
මුසපත් සේද යායේ
උණුහුමින් හිත නිවයි පින්සරයි 
මැණික මාගේ........

සඳ නිදන්න......