ගී පද
සඳ නැත බැබලෙන්න - නොපෙනෙයි තරු ගොන්න
සුනිල් සුලෝචනියේ - ඔබනෙත් හැර හිනැහෙන්න
උපුල් නුවන් එළියේ - අරුමැසි සැනකෙළියේ
මම සැරිසරමි සදා - ප්‍රිය සනහස් සිලි සිලියේ
සඳ නැත බැබලෙන්න.....
චංචල තිමිරි ලොවේ - පහන් එළිය ඔබ වේ
චංචල තිමිරි ලොවේ - පහන් එළිය ඔබ වේ
දෙනයන කැළුම් වැදී - මගේ මුළු විජිතය හෙළිවේ
සඳ නැත බැබලෙන්න - නොපෙනෙයි තරු ගොන්න
සුනිල් සුලෝචනියේ - ඔබනෙත් හැර හිනැහෙන්න
ඔබ මගේ සුදෙහිනි - ඔබ මගේ සුබාශිනි
ඔබ මගේ සුදෙහිනි - ඔබ මගේ සුබාශිනි
ඔබ මගේ සජිවනි - ඔව් ඔබ මගේ සුබාශිනි
සඳ නැත බැබලෙන්න .../