ගී පද

සඳ මෝරා උඩු ගුවනට
එන කලට
ඔබෙ රුව පෙනෙනවා
කවුළුව තුලින් මට

ඉකි ලන හදින් තනි යහනේ ඉන්න විට
හැමටම වඩා මා ගැන දුක හිතෙයි මට

පහන් දොරින් හිරු එබිකම් කරන සඳ
මා අසලින් නුඹ නැතුවා දුකකි

සීත නිය තුඩින් මා ගත රිදෙන සඳ
ඔබේ මුදු පහස මට නැතුවා දුකකී