සඳ මඬලේ සිටsanda mandalee sita

Sanda Madale Sita

සංගීතය:
ෂෙල්ටන් ප්‍රේමරත්නsheltan preemarathna
පද රචනය:
සමන් චන්ද්‍රනාත් වීරසිංහsaman chandhranaath wiirasinha

ගී පද

සඳ මඬලේ සිට තරු මඬලේ සිට 
දිවැස් හෙළන පුතුනේ 
බලාගන්න පුත බලාගන්න පුත 
ලස්සන ලක් දෙරණේ...

පුරන් කුඹුරු වපුරන්නේ පුතුනේ 
හෙට උපදින පුතුටයි 
කම්හල් නව නිපැයුම් නිමවන්නේ 
ඒ සුරතල් පුතුටයි...

සාර කෙතේ අස්වනු පීදෙන්නේ 
පුතුනි ඔබේ නමටයි 
නුඹේ පියාගේ දෑත රත්තරන් 
පුතු ලද දෙවි පිහිටයි...