ගී පද
සඳ මඩල වී ගුවනේ දිලෙයි සඳ සිහින වී හදවත රැඳෙයි
දුර ඈත සිටියත් පානේ පානේ ආවත්
මඳ සුළග සේ ගත සිතම වෙලයි...
(පලබරව සෙවණ සදනා තුරු රුකකි නුඹ විසල්...//)
ඒ මියුරු පල රස විඳින්න පින නැතත් සිත තුටින් පිරී යයි...
(සසර හමු වන පැතුම් හිත දරාගෙන හිඳින්...//)
හද අහිමි වෙන දේ යළිත් හෙට දෙපා මුල රැඳෙයි
මේ නුඹෙද ජීවිතේ...
(හිත නිවන සිතින්ම පියමැන්නේ...//)