සඳ කොමලී තරු පිරිවරලාsanda komalii tharu piriwaralaa

Sanda Komali Tharu Piri Warala

ගී පද

සඳ කොමලී තරු පිරිවරලා
නිල් අඹරේ නැග එන්නා
අති ශෝභමාන රාත්‍රි //

සුදු කෞමද මල් පිබිදෙන්නා
සොමි කාන්ති රශ්මී වැදිලා //
සිත පිරියා කරවන්නේ
මේ සිරියා සඳපානේ //
ලොව සැම තැන කිරි ඉතිරෙන්නේ
අති ශෝභමාන රාත්‍රි

සඳ කොමලී තරු ....

ගුම් ගුම්  නද දේ වී රාශී
රොන ටා එතී සුමිහිරි //
බඹරුන්ගේ ගී නාඳේ
දෙසවන් මා පිනවන්නේ //
මේ සුන්දර වූ හඳපානේ
අති ශෝභමාන රාත්‍රි

සඳ කොමලී තරු ....  //