ගී පද
සඳ කිරණින් ඔබේ එළිය වැටෙනවා
තුරු සෙවණින් මිදුල වටේ සුවය දැනෙනවා
කවුළුවකින් කුමරිය ඔබෙ මුහුණ පෙනෙනවා
මැදුර තුළින් සොඳුරි මගේ සැපත ගෙනෙනවා
මහ නිළයක බලතල ගැන මගෙ සිත බිඳුණා
නව රසයක සිත පිරිසිදු පෙමකට හැරුණා
සිටු පවුලක කුමරියෙ ඔබ ගැන බිය තිබුණා
අඩු කුලයක ඉපදුණු මට ඔබෙ අත ලැබුණා
සිටුවරු රජ වරු කුලවතු අප දෙස බලලා
හිනැහෙයි අද අපහට උන් කුල මල ඇදලා
එක හිත වගෙ දුක සැප දෙක එක ලෙස සලකා
අත්වලු බැඳ මහ මග බැස යනු අප දෙදනා