සැන්දෑ කළුවරsaendhae kaluwara

Sanda Kaluwara

සංගීතය:
සනත් නන්දසිරිsanath nandhasiri
පද රචනය:
සුනිල් සරත් පෙරේරාsunil sarath pereeraa

ගී පද

සැන්දෑ කළුවර ගලා හැලෙන විට 
සෙනෙහස දැල්වුනු නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඩල මුවාවෙන් 
ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි...

කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුණ 
අමා සුවය දෙන අතු පැල සෙවනේ
අසරණ වූදා මට  ඔබ පමණයි 
මඳකට හෝ සැනසුම ගෙන දෙන්නේ...

පිබිදෙන ලොව හා තරඟ කරන්නට 
හෙට අළුයම යළි පිට විය යුතු වේ
ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම 
ඔබේ හදට වැඩියෙන් තව ළංවේ...