සඳ හොරෙන් හොරෙන්sanda horen horen

Sanda Horen Horen

සංගීතය:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
පද රචනය:
කුලරත්න අරියවංසkularathna ariyawansa

ගී පද

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා

කදුළු බිඳු ගලා සඳේ තුරු ලතා පුරා
සියොලඟම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී...ම්...ම්.....
මහත් වියරුවෙන්

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා...ම්...ම්.....
ඔබේ සිසිලසින්

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා