සඳ හඬවාsanda handawaa

Sanda Handawa

සංගීතය:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
පද රචනය:
අයෝද්‍ය ප්‍රනාන්දුayoodhya pranaandhu

ගී පද

සඳ හඬවා තරු නිවලා ඔබ ගියදා ආදරී
හිත රිදිලා පෙම බිඳුණා තවමත් මා මතකේ රැඳී
තවමත් මා මතකේ රැඳී......
සඳ හඬවා තරු නිවලා ඔබ ගියදා ආදරී......

(වේදනා දුන්නේ ඇයි ජීවිතේ 
ආදරේ නැද්ද දැන් මා කෙරේ.....//)
තනි වීලා ඉන්නේ දුක් සාගරේ 
නෑ තාම ඔබ හට එය තේරුණේ.....

සඳ හඬවා.......

(මා පැතු ලෝකේ ඔබ නෑ ළඳේ
ආදරේ සිහිනයකි ජීවිතේ......//)
සංසාර ගමනේ හමු වී මෙසේ
ඔබ නේද පෙම් ලෝකේ කඳුලක් කළේ.......

සඳ හඬවා.......