ගී පද
සඳ හාමිනේ මගේ දරුවන් උකුලේ තියා
නිදි කිරනවා ඇති රෑ මැද නෙත නොපියා
දීපංකරේ ආවේ මගෙ දරු පැටව් නිසා
(මට බය උන්ට මා අමතක වේද කියා.....//)
කීවට කමක් නෑ පැරකුම් ගැමුණු කතා
මං ගැන උන්ට ඉඳ හිටවත් කියන් ගොතා
පියෙකුගේ සිතේ දරු සෙනෙහස කොතෙක් කියා
තේරුම් ගනී ලොකු වුණු දා අපේ පුතා.....
සඳ හාමිනේ......
දැනුනොත් උන්ට නැතිබැරි කම අපේකම
සැනසෙන්නට අපට මොකටද ඉසුරු වෙන
අතමිට සරු වුණත් විගඩම් මොස්තර
නොදී හදාපන් උන් මගේ පණයි මට.......
සඳ හාමිනේ......
(මට බය උන්ට මා අමතක වේද කියා)..//