සඳ හාදු දිදීsanda haadhu dhidhii

Sanda Haadu Didi

ගී පද

සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
නිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ//
නුඹ තාම නිදිද
නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ

මල් මාලතී ලතා මඩුල්ල නෙතු පියා හිඳී
මුදු මල් ගැබේ යහන් තුරුල්ල භෘංගයින්ට දී
කට කොනින්වත් හිනා නොවීම දේවතා නිදී

සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ...

විල් තලේ රිදී රැල් නැගේවි රංගනේ යෙදී
මුදු මන්දහාස දී පිපේවි සොඳුරු කෞමදී
මට තනියි මගේ හිත පාළුයි නුඹ තවම නිදී

සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ...