සඳ එළිය ගලයිsanda eliya galayi

Sanda Eliya Galai

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
පද රචනය:
ගීතනාත් කුඩලිගමgiithanaath kudaligama

ගී පද

සඳ එළිය ගලයි සයුර දිගේ ගෙමිදුලට මගේ
ඔබ ඔරුව පෙනේ ක්ෂිතජ ඉමේ හිතට දුක දැනේ
මඳ පවන නිසල වී රල පෙලට තුරුලුවී
වැහි ලිහිනි රෑන් පමනි මගේ දුකට හඬන්නේ

ඔබ සුවදායක උණුසුම හදවතට දැනි දැනී
මේ නිසල රැයේ තනිකම මුලු සිරුර ගිනි ගනී
රළ නගන අදෝනා හද රිදෙන වේදනා
පාලු පැල්පතේ මගෙ තනි නොතනි මකන්නේ

දුක රන්දා යයි මිහිදුම ගොඩ බිමට පෙනි පෙනී
මේ හිමිදිරියේ හිරිගඩු සියොලඟම නැගි නැගී
දුර ඇදෙන ඔරු බඳේ පිනි කඳුලු බිඳු රැදේ
මාගෙ හදවතේ දුක ඔබ පමනි නිවන්නේ