සඳ දිය උතුරාsanda dhiya uthuraa

Sanda Diya Uthura

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

සඳ දිය උතුරා - අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරු කැට ගිලිහී දියේ ගිලෙයි 
ඒ තරු ඇහිඳින්නට එන්න දියේ //

තුරු වැල් අහගෙන සිටින නිසා //
කට වහගෙන හිටියොතින් හොඳයි
රාත්‍රියට ඇස් තියෙන නිසා 
දඟවැඩ හොඳ නෑ බලාගෙනයි 

සඳ දිය උතුරා.../

හරිම කෙටියි රෑ තුන්යාමේ //
හරියට එක යාමයක් වගෙයි
ඉර දුටුවත් නාඬන්න කියා 
පණිවිඩයක් යැවුවොතින් හොඳයි

සඳ දිය උතුරා.../