ගී පද
සඳ දිහා බලන හැම රැයකටම
මට මතක් වුණා රත්තරං ඔබ
අමතක කරන්නෙපා පිදූ පෙම
පිපි සුවඳ මලක් වෙන්න ඔබ මට //
මල් යායක් සේ සුවඳ තියේවි
තරු යායක් සේ පැතුම් පිරේවි
ඒ ලස්සන ලොව නුඹ සීදේවි
රත්තරන් මලක පෙති පිබිදේවි
සඳ දිහා බලන ....
රෑ සිහිනෙන් ඇවිදින් මගෙ යහනේ
රන් තරු කැට අතුරයි ඔබ රහසේ
ලස්සන සුන්දර කවියක් වාගේ
හමුවෙමු සංසාරෙන් සංසාරේ
සඳ දිහා බලන ........