සඳ බැස ගිය තැන නෑsanda baesa giya thaena nae

Sanda basa giya thana na

ගී පද

සඳ බැස ගිය තැන නෑ හිරු බැස ගිය තැන නෑ
රළ බැස ගිය තැන නෑ මහ සයුරේ 
හිනැහුණු දවසක් නෑ සැනසුණු දවසක් නෑ
නැළවුණු දවසක් නෑ
මගේ ලොවේ...

හෙට හමුවෙමුද අපි හෙට සැනසෙමුද අපි 
හෙට නැළවෙමුද අපි හිතවතියේ 
අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි 
අද නැළවෙමුද අපි පෙම් සයුරේ... 

මා ඔබ දන්නා තරම් ඔබ මා හඳුනන්නේ නෑ 
මා දෙස නොබැලුවත් තරහා නැතේ 
ඔබ දුටු දිනේ පටන් ඔබ පැයේ පටන් 
මගේ හද වත පතුලේ හැඟුම් පුබුදුනේ...