සඳ බලන්න බැහැ sanda balanna baehae

Sanda Balanna Baha

ගී පද

සඳ බලන්න බැහැ මට ඔබේ මුහුණ මතක් වෙනවා 
තරු බලන්න බැහැ මට ඔබේ දෙනෙත මතක් වෙනවා 
පිනි බලන්න බැහැ මට ඔබේ කදුලු මතක් වෙනවා 
මට සිතන්න බැහැ මසිතට ඔබම මතක් වෙනවා 

මුතු බලන්න බැහැ මට ඔබේ දසන් මතක් වෙනවා 
කණ යොමන්න බැහැ මට ඔබේ හඩම මතක් වෙනවා 
මල සිබින්න බැහැ මට ඔබේ සුවද මතක් වෙනවා 
මට සිතන්න බැහැ මසිතට ඔබම මතක් වෙනවා 

සඳ බලන්න බැහැ මට ..../

ලොව පෙන්නේ නැති විලසට නෙත් යුග පියවෙද්දෙන් 
සුවද එන්නේ නැති විලසට මද නල සිර වෙද්දෙන් 
හඩ ඇහෙන්නේ නැති විලසට දෙසවන් ඇහිරෙද්දෙන් 
මට සිතන්න බැහැ විලසට මගේ සිත ගොළු වෙද්දෙන් 

සද බලන්න බැහැ මට .../