සඳsanda

Sanda

සංගීතය:
තරිඳු දම්සරtharindu dhamsara
පද රචනය:
හිරාන් චතුරංගhiraan chathuranga

ගී පද

නිදිවැරූ... තෙත නෙත් 
තවත් සඟවනු කුමට 
(අමාරුම නම් ඉන්න 
සඳ හෙමින් බැස යන්න...//) 

මිය නොයා ඉතිරිවුනු
මුදු හැඟුම් එකතු කර 
රුව අඳිමි හද පුරා 
අමාවක නොදැනෙන්න 
(අමාරුම නම් ඉන්න 
සඳ හෙමින් බැස යන්න...//) 

මෙතැන් සිට කලුවරට 
අමාවක නොකියමි 
බැස යාමට නියමිත
සියල්ලට සඳ කියමි 
(අමාරුම නම් ඉන්න 
සඳ හෙමින් බැස යන්න...//)