සමුගෙන ඔබෙන්samugena oben

Samugena Oben

සංගීතය:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
පද රචනය:
පැතුම් රණසිංහpaethum ranasinha

ගී පද

සමුගෙන ඔබෙන් යන්නට ඉතින් 
කාලය ඇවිත් හිතුවට කලින්
සඟවා තියන් සුසුමන් හොරෙන් 
තනිවුණු හිතේ දුක ගිනි අරන්
මග හැරුණු ජීිවිතේ අවතැන් වෙලා
අමතක කරන්න හැදුවත් තව බැරි වුණා.......

සිත රවටා ඔබ යන්න ගියා මාව මග හැරලා
ඇවිත් ගියා මතකයක් වෙලා යන්න ඔබ සතුටින්
මං හිඳිමි තනියෙන් මග හැරුණු ජීිවිතේ අවතැන් වෙලා
අමතක කරන්න හැදුවත් තව බැරි වුණා.......

මටත් වඩා විශ්වාස කළා ආදරේ හින්දා
මතක් වෙලා තව දුක හිතුණා 
මේ හිතේ අදටත් ඉන්නේ ඔබ තවමත්........

සමුගෙන ඔබෙන්.......