සමුගන්නට නම්samugannata nam

Samugannata Nam

සංගීතය:
ද-සන්dha-san
පද රචනය:
මනෝරි රණසිංහmanoori ranasinha

ගී පද

සමුගන්නට නම් දුර යන්නට නම් ඔය ආදරේ පෙන්නාලා
මේ කඳුළු අරන් වෙන් වෙන්නම් මං තනිහිත මගේ හිර කරලා
මට දැනෙන තරම් මං පිදුව තරම් නුඹ නෑ මට පෙම් කරලා
නෑ හීනෙන්වත් ළං වෙන්නේ මං යළි එන්නෙපා සොයාලා
සමුගන්නට නම්......

ආදරේ හැඟුම් ගුවනකට තරම් සුසුමන් සේ හැරදමලා
පාවෙලා පවන් හමුවුණොත් නම් වටහාදෙයි මුමුණාලා
වේදනා දරා කම්මුල් පීරා ගලනා කඳුළැල් පිසලා
මුළු ලොවට හොරෙන් සමුගන්නම් මං 
නුඹ මට හිමි නැහැ කියලා.......

සමුගන්නට නම්.......

මල් පොකුරු පුරා ආදරේ ලියලා එ් සුව නුඹ හට පිදුවා
පෙති තලා දමා මල් ගෙල සිඳලා නුඹ ගියේ සුවඳ තියාලා
ඇයි රත්තරනේ මට පිටුපෑවේ කිම ආදරේ නොදැනෙන්නේ
නුඹ දුන්නු තරම් මේ දුක මනරම් නෑ මා හැරදා යන්නේ......

සමුගන්නට නම්.......