සමුගන්න මොහොතකට පෙරsamuganna mohothakata pera

Samuganna Mohothakata Pera

ගී පද

(සමුගන්න මොහොතකට පෙර එකවතාවක්
හිනැහෙන්න පෙරදා වගේ
මුමුණන්න වදනක් පෙර සේම ළං වී
මිය ඇදෙන මතකය වගේ...//)

තුරු සෙවනේ මල් අතරේ වැළපෙන කතාවක්
මද සුළඟේ පාවී ගියේ
සුසුමකට ළංවෙන්න කඳුලක රිදුම් දෙන්න
(ඇයි ආදරෙන් හමුවුණේ...//)

සමුගන්න...

අවසන්ව යන මතක හද වේදනාවෙන්ම
සතපන්න ළය මත මගේ
දිවි මං තලාවේ මා පරදවාලන්න
(ඔබ කිමද මට පෙම් කලේ...//)

සමුගන්න...//