ගී පද
(සමුදෙන්න සමුගන්න නම්
හඬවන්නෙ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳිපෙම් නමින්
සමුදෙන්න සමුගන්න නම්....//)
(ඔබගේ ලොවෙහි සැතපී දිවා රෑ
මා ගෙව් අතීතේ පුරා...//)
(කවුදෝ ඔබේ සිතෙහි සැඟවී...//)
එනිසා මෙසේ වේවිදෝ....
සමුදෙන්න.....
(සිතුදේම නොමවේ පැතුමන් නිමාවී
කුරිරුයි ඔබේ චේතනා....//)
(ළංවී ඔබේ දෑසේ වෙලී....//)
එනිසා මෙසේ වේවිදෝ....
සමුදෙන්න.....