සාමේ ඉරේsaamee iree

Same Ire

සංගීතය:
රොෂාන් ද සිල්වාroshaan dha silwaa
පද රචනය:
ආනන්ද පද්මසිරිaanandha padhmasiri

ගී පද

සාමේ ඉරේ රැස් ධාරාවේ
සාමේ සඳේ රැස් මාලාවේ
ආලෝක ලෝ තුළ පැතිරේවා
ලෝකෙම ඉන් කල එළි වේවා

ලෝකෙම මේ එක යායක් වී
ලෝකේ සැමා එක රෑනක් ව්
සාමෙහි ගී රැව් නන්වාලු
ඒ දාට ලෝ සන්සුන් වේවි

සාමේ ඉරේ රැස් ධාරාවේ....

සතුරු වූ ඒ චේතනා
මිතුරු වූදා වාසනා
උදා වේදෝ ඒ දිනේ
නව ලොවේ උපතයි එදා

සාමේ ඉරේ රැස් ධාරාවේ....///