සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේsamaawenna raththaranee waradha mage athee

Samawenna Raththarane

ගී පද

සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
දරාගන්න බැහැ ගිනිසිලු නැගෙයි සිත්මලේ
දේවතාවියක් සිටුගෙයි හඬා වැලපුනේ 
කවුරුද රතු රෝස මලෙන් සුවඳ ගෙන ගියේ

මල්සරාට තහනම් ගෙයි දොරගුලු ඇරුනේ
බහට බහක් දී අඩවන් දෙනෙතක බැඳුනේ
ආලවන්ත කැකුලුකියකගෙ තුරුලෙහි රැඳුනේ
ගෙව්නු රැයක් ආත්මයක මට පව් පිරුවේ

දෙපාවඳින ඇගෙ දෑසෙහි කඳුලු පෙනි පෙනී 
බිඳී ගියා මුලු ලොව සෙනෙහසින් දැවි දැවී
සඳ මඩලට පෙම් සිසිලස පිදුව කුමුදිනී
ජාති ජාති යන්නෑ ඔබ ලඟින් දුරස් වී