සමාව දෙනු මැනsamaawa dhenu maena

Samawa Denu Mana

ගී පද

සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූවානම්
සිත රිදවන්නට ඔබ හඬවන්නට සිතුවේ නැත මා නම් //

විසකුරු මිනිසුන් ඇසුරින් මිදිලා අව්වේ වැහි පින්නේ
කිරි දරුවෙකු මෙන් උණුසුම් වෙන්නයි ඔබ වෙත මා එන්නේ
ඔබ නොබැලුවොතින් සෙනෙහසකින් මගේ සිත් සුවපත් කරලා
කොතැනක යන්නද කාට කියන්නද
අත් දෙක දික් කරලා //

සමාව දෙනු මැන ...........

ඔබ මගේ හදවත් කුසුම පුබුදුවා ඔය පාමුල රන්දයි
කොයික කියන්නෙත් කොයික කරන්නෙත් ආදරේ වැඩි හින්දයි
ඔබ මගේ හදවත් කුසුම පුබුදුවා ඔබ පාමුලේ රන්දයි
කොයික කියන්නෙත් කොයික කරන්නෙත් 
ආදරේ වැඩි හින්දයි //

සමාව දෙනු මැන ........