සැමට සෙනෙහසsaemata senehasa

Samata Senehasa

ගී පද

(සැමට සෙනෙහස පෙන්නාලා මිහිරි ගී රාව නංවාලා...//)
 ලොවම නැළවෙන සිතෙන් සඟවා ජීවිතේ වේදනා
විහඟ නදුනකි සිතට මුමුණන ආදරේ චේතනා
ළං ළංව ලෝකේ පුරා යං යං සිතු සේ සරා
වෙන් වෙන්න බෑ සේ නුරා සතපා
ළං වී සොයා ආවා බඹරුන් තුරුලට.....

මේ ලොකේ කාට හෝ නෑ වේදනා දෙන්නේ නෑ නෑ
යුක්තියේ මහිම පෙන්නාලා වීරියෙන් දෑත පාලා
බොරුව පරදන ඇත්ත දිනවන හැම එකා ලෙස සිතලා
ළඳුන් අපි වෙමු සතුරු බලමුණු පරදලා එකට ජය ටැඹ වෙත යන.....
ළං ළංව ලෝකේ පුරා යං යං සිතු සේ සරා
වෙන් වෙන්න බෑ සේ නුරා සතපා
ළං වී සොයා ආවා බඹරුන් තුරුලට.....

මේ අපේ තරුණ කාලේ කාට හෝ බැඳුණු ආලේ
ජීවිතේ කඳුළු හංගාලා පා සිනා දෑත දීලා
අනග රංගන මිහිර කැන්දන පාමුකෝ සොඳුරු යාමේ
දෛහි තිසරණ පතයි උණුසුම ඇයි පමා සතුට විඳිනට එනු මැන...
ළං ළංව ලෝකේ පුරා යං යං සිතු සේ සරා
වෙන් වෙන්න බෑ සේ නුරා සතපා
ළං වී සොයා ආවා බඹරුන් තුරුලට.....

සැමට සෙනෙහස....