සමරු පොතේ පිටු ගැලවීsamaru pothee pitu gaelawii

Samaru Pothe Pitu Galawi

ගී පද

සමරු පොතේ පිටු ගැලවී සුළගෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා
ඔබ සිහි වෙනවා සිහින මැවෙනවා
සිහින මැවෙනවා ඔබ සිහි වෙනවා
සමරු පොතේ පිටු ගැලවී සුළගෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා

ගඟට ගොසින් දිය නාගෙන එනවා පේනවා
වෙළට ගොහින් පළා නෙළන් එනව පේනවා
මලට ගොහින් මල් අරගනෙ එනවා පේනවා
එනවා පේනවා මැණිකා එනවා පේනවා
එනවා පේනවා මැණිකා එනවා පේනවා

සමරු පොතේ....

මා දැක්කම වැට අයිනට එනවා පේනවා
මා එක්කල හිනාවෙනව වාගේ පේනවා
නුරුස්සලා අමනාපෙන් යනවා පේනවා 
යනවා පේනවා මැණිකා යනවා පේනවා
යනවා පේනවා මැණිකා යනවා පේනවා

සමරු පොතේ....

සාරි ඔසරි ඇඳගත්තම හැඩට පේනවා
මාල වළලු දැම්මම තව රුවට පේනවා
වට පිට කොපමණ හිටියත් කාට පේනවා
හැඩට පේනවා මට නම් රුවට පේනවා
රුවට පේනවා මට නම් හැඩට පේනවා

සමරු පොතේ....
(සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා...//)