සමනලියේsamanaliyee

Samanaliye

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
රජිත් චතුරංගrajith chathuranga

ගී පද

අනුරාගී තොල්පෙති විහිදා හසරැල් මවා
දිගු දෑස පොඩි කර රහසින් ඉඟියක් එවා
මද සුළඟේ තාලෙට රඟ දෙන කෙහෙරැල් පවා
නොකියූ කතාවක් කියන්න ඇරයුම් කළා
සමනලියේ ඔබ සුරඟන අඟනක්දෝ
ශෘෘංගාරේ හැඟුම් මවා මා සිත කළඹනවාදෝ
සියුමැලියේ ඔබ පැතු ඒ පෙම සුවදෝ
මහදේ ඇති වූ සෙනෙහේ වැටහෙන් නැතිවාදෝ......

තනිවෙන්න ආසයි ඔබ හා හැමටම හොරා
විඳගන්න නුඹගෙන් මා තුරුලට වෙලා
පවසන්න සොඳුරේ කොඳුරා කවුරුද ඔයා
දෙවියන්ද මැව්වේ ඔබගේ ඔය රූ සොබා.....
සමනලියේ ඔබ සුරඟන අඟනක්දෝ
ශෘෘංගාරේ හැඟුම් මවා මා සිත කළඹනවාදෝ
සියුමැලියේ ඔබ පැතු ඒ පෙම සුවදෝ
මහදේ ඇති වූ සෙනෙහේ වැටහෙන් නැතිවාදෝ......

අසම්මත ප්‍රේමාලෝකෙක සිත බැඳ තබා
අනන්තෙන් ඈතට මේ සිත ඔබ ගෙන ගියා
කඳුලින්ම තෙමෙනා ඔබගේ සැඟවූ කතා
පවසන්න එනවද දිනයක මේ හිත සොයා......

අනුරාගී තොල්පෙති......