සමනලියක් පියඹනු දුටුවාsamanaliyak piyambanu dhutuwaa

Samanaliyak Piyambanu Dutuwa

සංගීතය:
ගයාන් රෑන්ඩ් පෙරේරාgayaan raend pereeraa
පද රචනය:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

ගී පද

ඇයගේ සිනහව ලොවක් එලිය කල 
නිවුනා දවසක් හදිසියේ
නිවුනා දවසක් නිහඞ පැයේ

ලොවම නැවතුනා කඳුලැල් පිරුනා
මලුත් පර වුනා ඇය හින්දා
නොපෙනෙන දුරකට නොදන්න ඈතක
සමනලියක් පියඹනු දුටුවා
සමනලියක් පියඹනු දුටුවා

ආදරයට ආදරයම කල ඈ
ජීවිතයට ජීවිතයම දුන් ඈ
සිනහව අතරේ නොමියෙන මතකය
හදවත් තුරුලේ ඉතුරු කලා
සමනලියක් පියඹනු දුටුවා
සමනලියක් පියඹනු දුටුවා

සෙනෙහස වෙනුවෙන් හදවත දුන් ඈ
කඳුලැලි පිසලා යලි එනවා ඈ
හදවත රිද්දන කඳුලැල් නිවා
සමනලියක් යලි එනු දුටුවා
සමනලියක් පියඹනු දුටුවා
සමනලියක් පියඹනු දුටුවා