සමනලීsamanalii

Samanali

පද රචනය:
චන්ද්‍රදාස රාජපක්‍ෂchandhradhaasa raajapaksha

ගී පද

මා ගැයු ගීයට වසඟ වී ළඟටම ඇවිදින් සිනහා වී
ඔබ දුන් කිස් එක තුරුළු වී සිතම කිති කැවී
සමනලී...... 

ළඟට ඇවිදින් හිනැහිලා ආදරෙයි කියලා
තුරුළු වී මා සැනසුවා සමනලී...... 
සිහිනයක් වගේ වෙන් වෙලා සුවඳ ළඟ තියලා
කොහේද ගියේ ඔබ සැඟවිලා සමනලී...... 

එන්න පියඹලා මා සිත සනසලා
නැවත මුව පුරා සිනහා වී 
දෙනෙත හඬනවා ඔබව සොයනවා 
කොහේද සැඟවුණේ සමනලී.......

සමනලියක් වගේ ලස්සනයි 
ඔබ මගේ කරගන්නට සිතෙයි
අනේ අයි ලව් යු... මේ ඇත්තමයි
එන්න මා සොයා සමනලී...... 

එන්න පියඹලා.......

මේ නෞකාවේ බැලු බැලු අත 
පෙනෙනවා රූ චායා මා දෑසේ යාවීලා
හදවත රිදවා ඇයි ගියේ මගේ සමනලී
මායාවී සිහිනයේ පාවීලා......

ළඟට ඇවිදින්......
එන්න පියඹලා.......