සමනල තටුවකsamanala thatuwaka

Samanala Thatuwaka

ගී පද

සමනල තටුවක සියුමැලි බව රැඳි 
ඔබේ සිත නොබිදෙන ලෙස සමුගන්නේ කෙලෙසද 
අද මම ඈතින් එන ඔබ දකිනා විට 
ගැහෙනා මගේ හදවත 
කඩා වැටයි දෝ බයත් හිතෙනවා 
ඔබ ළඟ...

බලන්නේ කොහොමද කඳුලින් පිරි ඔබේ දෑස දිහා 
පෙනෙන්නේ නෑ ඔබ මගේ දෑසත් බොඳ වෙලා නිසා 
සමුගෙන යන්නේ කෙලෙසද ඔබගෙන් දුරස් වෙලා 
මහාමෙර පව්වට මගේ දෙපයම ඇති විලංගු උනා 

සමනල තටුවක...

මුළු ලෝකය මගේ හිස මතටම කඩා වැටිද්දෙන් 
ඇනුම් බැනුම් නින්දා මගේ සවනේ රැඳුනා දෙන් 
ඔබ නැති ලොව මා ඉඳලා කුමටද මියයත් දෙන් 
මිය යන්නත් බෑ ජීවත් වෙමි මම ඔබ වෙනුවෙන් 
සමුගන්නත් බෑ සදහට ඉන්නම් ඔබේ ලඟින් 

සමනල තටුවක...