ගී පද
සමනළ රෑනයි රෑ හඳ පානයි
හදවත කලඹා පැනගිය පියඹා
කෝ ඒ සමනළයා
නිල් වන රේඛාවේ රෑ කෝකිල ගී රාවේ
කාලය පැනයයි එන්න ඉගිල්ලී
තාමත් සඳ ඇවිලේ
දෙසිතක පෙම් සුවඳ නොහිමි
විඳිමු ඉතිං සමනළයෝ
සුන්දර මල් වාරේ මල් සුවඳයි ගංතීරේ
හිම කඳු යායේ පෙම් රජ දහනේ
රෑටත් මල් පීදේ
මියුරු සුරම් ගී මනරම්
ගයමු ඉතින් සමනළයෝ