ගී පද
අරුණැල්ලේ ඉන්ද්‍රචාපයේ තුරුලිය මල් පිපී සැලේ
ඈතින් ඇසෙනා ගීත රාවයේ හිත පොපියයි මිහිරකින් බැඳී
කෙළිලොල් මේ ජිවිතේ අපේ සාගරය වගේ විශාල වේ
වියනුන් සේ නිල් ගුවන් ගැබේ පියඹා යමු අපි එක රෑනේ
සමනල රෑනක් සේ පියඹාලා ඈතටම
සීමා මායිම් නැතිව අවකාශේ
මේ ජීවිතේ අපි ආදරෙන්
එක්වීලා ඉඳිමු සදා
නිදහස් මේ යෞවන කාලේ මිතුදමින් බැඳී හිනැහෙන්නේ
සෙනෙහස් ගව්වක් විලසින්නේ ගලා හැලෙන්නේ එකට බැඳී
පාසැල තුල ගෙවෙනා කාලේ සුන්දර බව විඳිනා තාලේ
රැඳවෙයි අප හදවත පතුලේ ජිවත් වෙමු සතුටේ කිමිදී
(සමනල රෑනක් සේ)....//