ගී පද
(සමනල් හැඟුමන් අතරේ
නොයිඳුල් පැතුමන් ඉහිරේ
නල මුදු සුවඳේ - රොන් සුනු පැතිරේ
ලොවට හොරා - මහද පුරා
නව හැඟුමන් පිබිදේ...//)
(පිපි මනරම් - සුවඳැති මල්
කෝලයෙන් සැලුණේ
මගෙ හිත මල් - සිහින අරන්
දේදුන්නක සැඟවේ...//)
(ලිහිණි කොවුල් - විහඟ රැඟුම්
ස්නේහයයි පිදුණේ
මගෙ දෙකොපුල් - චුම්බනයෙන්
තෙමන්නදෝ නොදැනේ...//)
සමනල් හැඟුමන් අතරේ
නොයිඳුල් පැතුමන් ඉහිරේ
නල මුදු සුවඳේ - රොන් සුනු පැතිරේ
(ලොවට හොරා - මහද පුරා
නව හැඟුමන් පිබිදේ...//)