ගී පද
සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන ...//
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා ...//
නෙත් සතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා.....
සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන ...//
ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි... //
දෙන්නාටම මාත් හිතයි
ත්‍රිකෝණයේ පාද සමයි ...//
සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන ...//
සමඡ්ඡේදනය කරලා
දෙන්නට බැහැ පෙම බෙදලා ...//
අපි තුන් මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා ...//
සමකෝණී ත්‍රිකෝණයකි .../