සමා කරන් මටsamaa karan mata

Sama Karan Mata

ගී පද

සමා කරන් මට කී දේ නාහන
බාල බොළඳ පුතුනේ
තැළුවේ නුඹටයි රිදුනේ මට මයි
වේවැල කැඩුවා මං

මං දඟ කෙරුවා ඇලේ දොලේ පැන
මගේ පුංචි කාලේ
එදා මමයි අද නුඹට මුවාවි
කී දේ නාහන්නේ

සමා කරන් මට ....

ලොවට අකීකරු පුතෙක් නොවී මතු
ලෝකෙන් තැලුම් නොකා
දෙන් මට අවසර නුඹ සිපගන්නට
මට වේවැලක් එපා

සමා කරන් මට ....