සැලෙන ලෙලෙන දළුව විලසsaelena lelena dhaluwa wilasa

Salena Lelena Daluwa Wilasa

ගී පද

සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා
ප්‍රිය උකුළු මුකුළු කැකුළු කුමුදු සිනහ නගාලා
ළිංවතුර පිරිණු කළය ලලිත උකුලේ තබාලා
මල් ඔමරි බොමරි ගමනක යන මට පිටුපාලා

අඩ සඳයි ඔබේ නළල් තලේ පෙනෙන්නේ
රණ මොණර පිළයි කෙස්‌ කළඹේ දිලෙන්නේ
හැඩ වළලු අතේ දමාලා හඞ සිලින් සිලින් නගාලා
යන ලතාවටයි දායදරේ හිතෙන්නේ


මේ කැලේ මලේ ඔබ කොහිදෝ උපන්නේ
ඝන වනන්තරේ කොතැනටදෝ ඇදෙන්නේ
ජය බුලත් විටක්‌ හපාලා තොල් රතට රතේ විදාලා
ඇයි මැණිකේ මගේ හනි හනිකේ දුවන්නේ