සැලෙන දිවි මගsaelena dhiwi maga

Salena Divi Maga

ගී පද

සැලෙන දිවි මග නොසැලෙනා සිත
සුතන බර හිස උසුලනා
සිහින පොදියකි ජීවිතේ
සඳළුතලයට උසුලනා

නිබඳ දළ රළ නැගෙන දියඹක
පහුර පැද යන තනි සිතින්
දිරිය මව නම් ලබන්නී පුර වීරිය පාරමි

ගැටලු සැඩ නල වදිත දසතින්
දෙදෙරවා ගිහිගෙය බැඳුම්
මහා මෙරක් සේ නැගෙන්නි
දරා මිහිකත සේ තැවුල්

මවක් විණි නම් මෙවන් පුතෙකුට
ඔහු දිනුයේ වෙයි
ළඳක් විණි නම් මෙවන් සැමියෙකු
ඔහු ද දිනුයේ වෙයි