සැළලිහිණි කොවුල් හඬsaelalihini kowul handa

Salalihini Kowul

සංගීතය:
C T ප්‍රනාන්දුc t pranaandhu
පද රචනය:
ආනන්ද සරත් විමලවීරaanandha sarath wimalawiira

ගී පද

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුව රැල අතරේ වග වළසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ

(නීල කොබෝ රෑන ගිරා
පිල් විදහා රඟනා මොණරා)..//
(කට ඇද කිරළා සහ වලි කුකුළා
හොට දිග පිළිහුඬුවා)..//
අප දැකලා බිය වැදිලා තරඟෙට හඬ නැගුවා

සැළලිහිණි කොවුල්....

(කොළ දිවියා රළු කොටියා
කපටි රජා නම් ලද හිවලා)..//
(විසකුරු පොළඟා මිනි කන කිඹුලා
පොතුහැර කබරගොයා)..//
රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා

සැළලිහිණි කොවුල්....