සැළලිහිණිsaelalihini

Salalihini

සංගීතය:
චරිත අට්ටලගේcharitha attalagee
පද රචනය:
චන්ද්‍රසේන තලංගමchandhraseena thalangama

ගී පද

නුඹ නා මෙනෙවී මම සැළලිහිණී 
පණිවිඩය අරන් රැගෙන යමී 
මේ කැලණි නදී අසබඩ තුරෙහී  
සැනහී හිඳිමින් ගිම් නිවමි
ගිම් නිවමි..

මනරම් නා මෙනෙවී
මේ ලවැලි තලේ හිඳ මිණි වෙණ තත් මැද රුවට රුවේ 
ගයනා ගී මියුරු සරේ 
මේ ලවැලි තලේ මෙහෙවරත් මගේ මට අමතක වේ
මේ ලවැලි තලේ මෙහෙවරත් මගේ මට අමතක වේ
 
නිල් වරල සදා 
කඩුපුල් මලිනා දිගු නීල නුවන් දෙපසා ඉසිනා 
විඳිනා... ඔබ රූ 
රූසිරිය අගේ සැළලිහිණි වුනේ පෙර පවට මගේ   
රූසිරිය අගේ සැළලිහිණි වුනේ පෙර පවට මගේ

නුඹ නා මෙනෙවී මම සැළලිහිණී 
පණිවිඩය අරන් රැගෙන යමී 
මේ කැලණි නදී අසබඩ තුරෙහී  
සැනහී හිඳිමින් ගිම් නිවමි
ගිම් නිවමි..