සලා දෙනෙත් යුගsalaa dheneth yuga

Sala Deneth Yuga

සංගීතය:
නිශාන්ත ප්‍රදීප්nishaantha pradhiip
පද රචනය:
මාධව හේවාවසම්maadhhawa heewaawasam

ගී පද

සලා දෙනෙත් යුග ඉඟි කර හොරෙන් බලා
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගෙ සිත තලා පෙලා
සනාපනයි කියු අපමණ පෙමක් දවා

එදා පෙමින් ඉඟි කලේ ඔබයි
සදා දුකින් තනි වුනේ මගේ ලොවයි
අදත් මගේ සිත ඔබට හැඟුම් බරයි
දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි

සලා දෙනෙත් යුග...

පුරා සඳක් ලෙස පෙනේවි දැයි
බලාන ඉන්නවා ඔබ නොපෙනෙයි දුකයි
බිඟුන් අරන් ගියේ මගේ මලයි
දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි

සලා දෙනෙත් යුග...