ගී පද
සකුරා මලේ
අද මා ලඟ හඬා වැටේ
සකුරා මලේ
වෙනදා මෙන් සුවඳ නැතේ
හිමි නොවෙනා ප්‍රේමේ
ලුහු බඳිනා ප්‍රේමේ
සකුරා මලේ
අද මා ලඟ හඬා වැටේ
(දෙන්න මට පලා යන්න....////)
පරසතු සුවඳක් මම නොම වින්දෙමි
සකුරා යායේ
පරසතු කුසුමක් මම නොම නෙළුවෙමි
සකුරා යායේ
සකුරා පෙති ගිලිහෙන මහා කහට
මම දැන් වින්දේ
සකුරා මලේ
පෙති ගිලිහී හඬා වැටේ
කඳුළු පිලියමක්
නුඹට වියැකෙන
හණමිටි සමාජේ අනියම
දාවි උඹේ කරපිටින්
සිනමා තිරේ අපේ
යථාර්තයක් කනපිටින්
මගේ පදාර්ථයේ පිටපතක්
කුසේ උඹේ පණපිටින්
යදින්නෙපා
දීඝ සිඳලන්න
බැරි දොළ දුකක්
උඹෙයි කාර්යභාරේ
හුදෙක් භාර්යාව ගැරහුවත්
මගේ රහසක නිම්හිම් නිම්නයක
කලවල ඉහන්
නුඹත් ගිම්හිම් ඩිම්බයක
ගිනි තියන් ඔම නෙගටිව් පටි
ඔය හැසිරීම මට ගබ්සා දොරටු අරී
මිරැන්ඩා දැන් උඹ ආත්මාර්ථකාමී
වග නොකියන්න ජාතකේට
මා ප්‍රාර්ථනාව
කිමොනව කඩතුරක්
ගැබත් උඹ දරාගෙන
උඹේ පරාර්ථය
ලතැවෙන්න ලය පලාගෙන
වෛරය වැදමහ මතකයන්
පරායන්න
දෙන්න මට සැලොලයිඩ්
හීනෙට මගේ පලායන්න
හිමි නොවෙනා ප්‍රේමේ
ලුහු බඳිනා ප්‍රේමේ
සකුරා මලේ
අද මා ලඟ හඬා වැටේ
සකුරා පෙති ගිලිහෙන
මහා කහට
මම දැන් වින්දේ
(සකුරා මලේ
පෙති ගිලිහී හඬා වැටේ...//)
නිඹද දෙව් දූ වත
සිවු වලා බැමි
මුහුරස උරා වැක්මේ
කඩා වැටී
මා දළු රෝස පලයට
හඬා වැටී
පුරා සකුරා සිසිරේ
පතනවා ඇති