ගී පද
සකුරා මල් පිපිලා - හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන් පියසේ
නිදිමත නැතිවී - හිරු පායා ඇත - උමතු වෙසින් මහ රෑ යාමේ
මින් රැළ වෙරළේ සක්මන් කළ සඳ - පා සටහන් ඇත වැලි තලයේ
නාග පිඹුරු රුදු සිංහ වළස් කැල - ඉගිළෙති නගිමින් උඩු ගුවනේ
යන එන සෙල්ලම් රිය පෙළ අතරේ - පාසැල් යන විට බෝතික්කෝ
අකුරු උගන්වති කුඹි සිසුක් හට - වයසක ගුරුවරු සූටික්කෝ
සුදම් සභාවේ අරගලයක් වී - අහසින් කොටසකු කඩා වැටී
වියපත් සඳ වත ගේ දොර නැති වී - හැරමිටි සරණින් බලා සිටි