සකල ලෝකේsakala lookee

Sakala Loke

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
පැලවත්තේ ධම්මානන්ද හිමිpaelawaththee dhhammaanandha himi

ගී පද

සකල ලෝකේ පතනා වූ සුවේ 
ඔබයි මාගේ බුදු රජාණනේ 
ඇතිව නැතිවෙන මගේ දියතේ 
ඔබයි සැනසුම සිහරජාණනේ 
සත් අග මෙත් මග සිත් ලෙස සෑදු 
සිහිකර වන්දිනෙම් මුනි ගුණ සාදු   
පින්සර සත් හට මොක්මග පෑදූ 
සිත්තෙර නමදිමු බුදුහිමි සාදූ 

අයිතියක් නැති තැනක නැවතී 
සැපත සොයනා ඒ දිනේ 
වෙනස්වී මම දහම වූ කල 
මමත් මිරිඟුවකි සමිඳුනේ     
   
සකල ලෝකේ පතනා වූ සුවේ 
ඔබයි මාගේ බුදු රජාණනේ 

කෙළවරක් නැති දුකක පැටලී මංමුලාවූ මේ භවේ 
අහිමිවී මම ද‍හම වූ කල සත්‍ය ඔබමයි සමිඳුනේ 

සකල ලෝකේ....