සකල බුජං කොට කලිසම්sakala bujan kota kalisam

Sakala Bujan Kota Kalisan

ගී පද

සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ 
වතුපිටි වල ගෙදර දොරේ වැඩ කර දෙන්නේ 
සකල බුජං අහිංසකයි 
අහිංසකයි වුනාට හරිම කඩිසරයි...

සකල බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ 
සකල බුජෝ අතුගාපන් අක්කා කියන්නේ 
වයස අටයි පොඩි කොල්ලා 
පොඩි කොල්ලා වුනාට වැඩට දස්සයා...

පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා 
වත්ත පහල කටුස්සන්ගේ එකම මාරයා 
අම්මා නැති අප්පා නැති 
පොඩි කාලේ ඉඳලම අපේ ගෙදරමයි...

ගොරවනකොට හරිම බයයි කන් වසා ගනියි 
එත් ගොරව ගොරව රෑට ඔහු නිදා ගනියි 
වළං පිඟන් හෝදනවා 
අපේ ළිඳෙන් වතුර අදිනවා...

සකල බුජං...