සයිමා කට් වෙලාsayimaa kat welaa

Saima Cut Wela

ගී පද

බොරුවට අඩලා කිමද හැපෙන්නේ විමලා 
කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා 
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා 
අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා 
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා 
අනේ උබේ ඩාලින් සයිමා කට් වෙලා 

අද පඩි හින්දා සොමියට හිත ගිය හින්දා 
යාලුවෝ කැන්දා තරගෙට බීවද මන්දා 
නුපුරුදු හින්දා වමනෙට ආවද මන්දා 
අයියෝ බොන්නට බැරිනම් මොකකට බ්ව්වද මන්ද 
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා 
අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා 

කසාද බැඳලා අවුරුදු දෙක ගත වෙලා 
දරුවෙකු ලැබිල නැත ගෙයි කලඑළි වීලා 
අනේ ඒ ගැන හිතලා කොහේදෝ සයිමන් බීලා 
නුබ විගහට පැනල වෙදකම් කරපන් විමලා 
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා 
අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා 
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා 
අනේ ඩාලින් සයිමා කට් වෙලා 

උබ තව අඩලා මොකටද පල නැත විමලා 
සයිමට වැදිලා කරපට් වෙන්නට වැදිලා 
මොකටද බැනලා වැඩකට නැහැ නොව බැනලා 
ඔය දෙහි ටික හදලා විගහට පොවපන් විමලා 
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා 
අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා 
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා 
අනේ උබේ ඩාලින් සයිමා කට් වෙලා 
බොරුවට අඩලා.......