සාගරේ තරම් මම ආදරේ අරන්saagaree tharam mama aadharee aran

Sagare Tharam Mama Adare Aran

සංගීතය:
උදාර සමරවීරudhaara samarawiira
පද රචනය:
නලින් පෙරේරාnalin pereeraa

ගී පද

සාගරේ තරම් මම ආදරේ අරන්...
සිත් පුරා පෙරුම් පුරාගෙන හොරෙන්...
මම එන්න සිතුවා දැන්, ඔබ ඉන්න තැන සොයන්...
ඔබ ඉන්න තැන සොයන්...

ළඟින් ළඟට ඇඟිලි තුඩින් පැටලිලා යමින්...
ටිකෙන් ටිකට සෙමෙන් සෙමෙන් තුරුළුවෙමු ඉතින්...
සිතින් නැඟෙන හැඟුම් ටිකක් දෙන්න මට ඉතින්...
සිහිල් පවන් රොදක් ලෙසින්...
ගතට ළංවෙමින්...

අහිංසකව දෑස් තුළින් ගලන පෙම් හැඟුම්...
බලන් ඉන්න ලෝභ කමක් දැනෙනවා ඉතින්...
අනන්තයක් වගේ දැනෙන මගේ පෙම් හැඟුම්...
පුදමි පුදමි තුරුළු කරන්...
හිතට ඇති තරම්...

සාගරේ තරම් මම ආදරේ අරන්.../